ගත වූ මාස 07ට අයිස් මත්ද්‍රව්‍ය සමඟ 45,000ක් අත්අඩංගුවට – හෙරොයින් සමඟ 37,000ක්

පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ (01) දිනයේ දී සිදුකෙරුණා.

එහිදී හෙරොයින් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙක් ද ඇතුළත්ව නොයෙකුත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව පුද්ගලයින් 488 දෙනෙකු පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම වසරේ ජනවාරි මස 01 පළමුවනදා සිට අගෝස්තු මස 01 පළමුවනදා දක්වා වූ මාස 07ක කාලය තුළ හොරොයින් කිලෝග්‍රෑම් 930.12ක ප්‍රමාණයක් ද, හොරායින් වැරදි සම්බන්ධව පුද්ගලයින් 37,251 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව මෙම කාලය තුළ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ගතවූ මාස 07ක කාලය තුළදී පුද්ගලයින් 45,111ක් අයිස් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම මෙම කාලය තුළදී ගංජා වැරදි සම්බන්ද පුද්ගලයින් 40,404ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී කිලෝග්‍රෑම් 11.438ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරියගේ මෙහෙයවීම මත ශ‍්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව මෙම මෙහෙයුම් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59
Video thumbnail
පාස්කුවට සම්බන්ධ කාත් එක්කවත් අපිට ඩීල් නෑ
02:46
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31