ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුරු කිහිපයකට අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ජාතික පිරිමි කණ්ඩායමේ පිතිකරණ, පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරු සඳහා මෙලෙස අයදුම්පත් කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ණ්ඩායමේ මේ වනවිට පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ලෙස පියල් විජේතුංග කටයුතු කරන අතර, මේ දිනවල ඔහුට හිමිවන ප්‍රතිචාරය එතරම් යහපත් නැහැ.

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වර්ධනයක් පෙන්නුම්කරන අතර, එවන් පසුබිමක පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සදහා ද අයදුම්පත් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම විමතියට කරුණක්.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මේ වනවිට උපුල් චන්දන කටයුතු කරනවා.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
41
+1
1
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?