කොරෝනා එන්නත ගැන සුබ ආරංචියක් – Corona Vaccinate

දැනට භාවිත වන කොරෝනා වෛරස් එන්නත් සියල්ල වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

දැනට ලොව භාවිත කරන කොරෝනා වෛරස් එන්නත් 8 ක ශක්‍යතාව මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර, සියලු වර්ගයේ කොරෝනා විකෘත ප්‍රභේදවලට එරෙහිව ඉහලම ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතයි.

ඇමෙරිකාවේ – ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩයාමක් සිදුකළ එම අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඇස්ට්‍රාසෙනකා, ස්පුට්නික්, නොවවැක්ස්, සිනොවැක් සහ සයිනොෆාම් යන එන්නත් සියල්ල මගින් මෙලෙස කොවිඩ් ආසාදිතව මරණයට පත්වීම වැළැක්වීමට පිටිවහලක් ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?