අලුත් මන්ත්‍රීන්ට අලුත් වාහන – ජාතික පුවත්පතක් කළ අනාවරණය

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප් රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කළ බවද ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිත බවද එහි සඳහන්.

මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබෙනවා.‍

  1. අපි විදේෂ රටක වෙඩ කරලා සල්ලි අරන් ගියත් , සල්ලි යෙව්වත් , අපිට කිසි දිනක බද්දෙන් තොර වාහන ගන්න ඉඩ දෙන්නෙ නැහෙ. ඔනෙම බලු වෙඩක් ජරා වෙඩක් කරල ; පාර්ල්මෙන්තුවට රින්ග ගත්තනම් එවා නිකම්ම ; එනිසා විදේෂ රටවල සිටින අය තම මුදල් ලන්කාවට එවීමෙන් පලක් නෙහෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50