දුම්රිය රියදුරන්ගේ වර්ජනය අත්හිටුවීමේ තීරණයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දුම්රිය රියදුරන්ගේ පැය 48ක සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ අද (29) පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බවයි.