කෙහෙල්බද්දර පද්මෙට හොර උප්පැන්නයක් හැදූ රෙජිස්ට්‍රාර්ට ඇප

විදෙස් ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙ යන අයට “දොන් අධිත්‍ය අභිමාන ” නමින් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළ බව කියන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතව සිටි සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ට්‍රාර් රුවිනි වාසනා සැකකාරිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළා.

අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 24 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාරිය රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

ව්‍යාජ ලියාපදිංචිය සිදු කළේ යැයි කියන පරිගණක දත්ත පද්ධතිය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද මෙහිදී නියෝග කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරියෙකුව සිටිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහයේ හා ආගමික විගාමික පනතේ වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34