කොටගල – රොසිටා වතුයායේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක දැරියක් ඇලකට වැටී ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ දැරිය අද (26) දහවල් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
උත්සවයකට යෑමට සූදානම් වී සිටි මෙම දැරිය ඇඳ පැළඳගෙන අද දහවල් නිවසින් පිටතට ගොස් තිබෙනවා.
එලෙස නිවසින් පිටතට පැමිණි දැරිය පිළිබඳව විමසා බැලූ මව, ඇය පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ඒ පිළිබඳව සොයාබලා ඇති බවයි වාර්තා වුණේ.
එලෙස සිදුකළ සොයා බැලීමේ දී දැරිය නිවස ආසනයේ පිහිටි ඇල මාර්ගයට වැටී සිටිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
එලෙස සොගත් දැරිය කඩිනමින් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.
දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.















