ඇලකට වැටී මල් කැකුළක් අවසන් ගමන් ගිහින්

කොටගල – රොසිටා වතුයායේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක දැරියක් ඇලකට වැටී ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දැරිය අද (26) දහවල් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

උත්සවයකට යෑමට සූදානම් වී සිටි මෙම දැරිය ඇඳ පැළඳගෙන අද දහවල් නිවසින් පිටතට ගොස් තිබෙනවා.

එලෙස නිවසින් පිටතට පැමිණි දැරිය පිළිබඳව විමසා බැලූ මව, ඇය පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ඒ පිළිබඳව සොයාබලා ඇති බවයි වාර්තා වුණේ.

එලෙස සිදුකළ සොයා බැලීමේ දී දැරිය නිවස ආසනයේ පිහිටි ඇල මාර්ගයට වැටී සිටිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එලෙස සොගත් දැරිය කඩිනමින් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08