අධ්‍යාපන සභාව ගොඩනැගීමට පත් කළ කමිටුවෙන් මාස 02ක් තුළ වාර්තාවක්

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව අද (25) එහි සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

මෙම අවස්ථාව සඳහා අනුකාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,මංජුල සුරවීර ආරච්චි, රුවන් මාපලගම, ආර්.එම්. සමන්ත රණසිංහ යන අය සහ අධ්‍යාපන සභාව ගොඩනැගීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කළ කමිටු සාමාජිකයින් සභාගි වී සිටියා.

මෙහිදී අධ්‍යාපන සභාව ගොඩනැගීම සඳහා දීර්ඝ ලෙස මෙම කමිටුව නියෝජනය කරන විද්වතුන් අදහස් පළකල අතර, අධ්‍යාපන සභාව ගොඩනැගීම සඳහා වූ මූලික වාර්තාව මාස දෙකක් තුළ කමිටුවට ලබාදීම සඳහා ඔවුන් සූදානම් බව අනුකාරක සභාවට දැනුම් දුන්නා.