ගාල්ලේ පාසලක වහලවල් හුළඟට ගිහින් (ඡායාරූප)

ගාල්ල, කිතුලම්පිටිය ප්‍රදේශයය අද (25) පෙරවරුවේ වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළඟකින් කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක වහලවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

පාසලේ ගොඩනැගිලි දෙකක වහලවලට මෙලෙස හානි සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙහිදී වහළට සෙවිලිකර තිබූ උළු සුළඟට ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ පාසල් සිසුන් සහ ගුරුවරුන් ගොඩනැගිලි තුළ සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, එම අවස්ථාවේ එම ගොඩනැගිලි දෙක තුළ සිසුන් විභාගය සඳහා පෙනී සිටි අවස්ථාවේ ඔවුන් මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.