රේගුව රඳවාගෙන සිටින වාහන 02ක් මුදාහරින ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්

රජය විසින් වාහන ආනයන තහනම ලිහිල් කර තිබෙන අවස්ථාවක සිය සමාගම විසින් නිසි පරිදි බදු ගෙවා නීත්‍යානුකූල ආකාරයට ආනයනය කළ වාහන දෙකක් රේගුව විසින් මුදා හැරීමකින් තොරව අනීතික ලෙස රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට එම වාහන මුදාහරිණ ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයන සමාගමක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි වාහන ආනයන සමාගමක් වන යූ.එස්. කාර් සේල්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ ඒ. උපේක්ෂා ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

එහි වග උත්තරකරුවන් ලෙස රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් මහජන බැංකුව, ජනාධිපති හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආනයන හා අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යන අය නම් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 1984 වසරේ සිට වාහන ආනයනය කර ඒවා මෙරටදි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි.

ඒ අනුව honda වර්ගයේ වාහන දෙකක් සිංගප්පූරුව හරහා ආනයනය කිරීමට තම සමාගම තීරණය කළ බවත් ඊට අදාළව ඉකුත් මාර්තු මස 19 වනදා මහජන බැංකුව මාර්ගයෙන් ණයවර ලිපි විවෘත කළ බවත් පෙත්සම්කරුවෝ පවසනවා.

ඉන් අනතුරුව එම වාහන ආනයනය කිරීමට අදාල බදු සහ ගාස්තු වශයෙන් රුපියල් 35 564 668/- ක් මුදලක් ඉකුත් මැයි මස 26 වනදා ගෙවීමට කටයුතු කළ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සියලු ගෙවීම් හා නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් අදාළ වාහන දෙක සහ ඊට අදාළ ලේඛන කිසිදු සාධාරණ හේතුවක් රහිතව මුදා හැරීම ප්‍රතික්ෂේප කරන බවත් පෙත්සංකරුවෝ චෝදනා කරනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාව දක්වා රඳවා ගැනීමේ ගාස්තු වශයෙන් තමන්ට රුපියල් ලක්ෂ 23 කට අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා කලක් වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් පීඩාවට පත් වූ වාහන ආනයනකරුවන් දැඩි අපහසුතාවයට පත්වන බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අනීතික ලෙස රඳවාගෙන සිටින අදාළ වාහන වාහන මුදා හරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගෙන් කරුණු විමසා එය සමථයට පත් කිරීමට ඇති හැකියාව අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම ලබන 01 වනදා කැදවීමට නියෝග කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා, උපුල් කුමාරප්පෙරුම ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17