ස්ටේෂන් 100ක් නවීකරණය කරන ‘Dream Destination’ ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවක්

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) පැවැත් වුණා.

රට සංවර්ධනය කිරීම සඳහා සියලුදෙනා එක් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙහිදී පෙන්වා දුන්නා.

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බව ද ජනාධිපති ලේකම්වරයා කියා සිටියා.

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතයි.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ඒ, සඳහා NIO Engineering සංවිධානය ස්වේච්ඡාවෙන් නිර්මාණශීලී දායකත්වය සපයන අතර, ඊට අදාළ ඉදිකිරීම් සඳහා මූල්‍ය දායකත්වය ව්‍යාපාරිකයන් විසින් සැපයේ. මාස 06ක් ඇතුළත මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

  1. කොළඹ සිට හලාවත පුත්තලම හරහා. යාපනයට. කොපමණ බස් ප්‍රමාණයක් දවසට ගමන් කරනවද. ඒ වගේම බර වාහනය බඩු වදින. සියල්ලටම විසඳුම කෝච්චිය නේද පුත්තලමේ. ඉඳලා දාන්න බැරි ඇයි. මහාවට රේල් පාරක්. කොපමණ මාර්ග අනතුරු රථවාහන තදබදය අඩු වෙයිද. බලධාරීන් දකීවා.



අපගේ නවතම වීඩියෝ පුවත්