මාරවිලදී වෙඩි තබා මාලිව ඝාතනය කළේ මත්ද්‍රව්‍ය ආරවුලක් නිසාද..?

මාරවිල මරද ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ දෙදරු මවකට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබුණා.

ඇය එම ස්ථානයේදීම මරණයට පත්වුණු අතර බරපතල තුවාල ලැබු ඇගේ වැඩිමහල් දරුවා මාරවිල මහ රෝහලට ඇතුලත් කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ මාරවිල මරද ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරච්චිගේ වසන්ති චතුරානි නෙහොත් සදමාලි නැමති 30 හැවිරිදි දෙදරු මවක්.

ඝාතනයට ලක්වු කාන්තාව කුලි ත්‍රි රෝද රථයක කිසියම් කටයුත්තකට ගොස් ආපසු නිවස කරා තම දස හැවිරිදි පුත්‍රයා සමග එමින් සිටියදි යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කල වෙඩි තැබිමකින් බරපතල තුවාල ලබා ත්‍රි රෝද රථය තුලදිම මරණයට පත්ව තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මරද ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමල් දියණීය බව කියයි.

මෙම කුඩු මාලි නැමති කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙ වරදකරු වු කාන්තාවක් බවත් ඇය බන්ධනාගාර ගතව සිට ඇති බවත් වාර්තා වනවා.

මාලිගේ දියණියන් තිදෙනාම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව වන බවද කියයි.

ඝාතනයට ලක්වු කාන්තාවද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව මැතක නිදහස් වි පැමින ඇති බවත් මව හා දියණියන් තිදෙනා මරද ඇතුළු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන බවත් ඒ හේතුවෙන් තරුණ ජීවිත රැසක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විම් හේතුවෙන් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වු පවුලක් බවද සඳහන් වනවා.

මෙම වෙඩි තැබිමට පිස්තෝල වර්ගයෙ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් වෙඩි තැබිම සිදුකර යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බව පරික්ෂණ මෙහෙය වන මාරවිල පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
37
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?