කැරම්බෝඩ් නඩුවේ තුන්වන විත්තිකරුගේ පෙත්සම කැඳවීමට දිනදෙයි

2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම්⁣බෝඩ් 14,000ක් දේශපාලන අවශ්‍යතා මත මිලදී ගෙන එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහි කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා මේ මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ, එම පෙත්සම අද (21) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙසයි.

නීතිඥ අමිල කුමාර මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබූ නඩුවකට අදාළව තමන්ව සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබූ බවයි.

ඉන් අනතුරුව එම නඩුවට අදාළව තමන් මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බවත් පෙත්සම්කරු කියා සිටිනවා

එසේ තිබියදී මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ.

ඒ, අනුව තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30