සංචාරකයින්ට ගුවන්තොටේදීම තාවකාලික රියදුරු බලපත්‍රයක්

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව මෙම ක්‍රමවේදය එළඹෙන අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දින 14 සහ 30 යන කාලසීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍රය සංචාරකයින් සඳහා නිකුත් කිරීමට සැලසුම්කර තිබෙනවා.

මේ අතර මෙම ක්‍රමවේදයට අදාළ නීතිමය කටයුතු කිහිපයක් සිදුකිරීමට නියමිත අතර, එය අවසන්වීමෙන් අනතුරුව මෙම වැඩපිළිවල ආරම්භ කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?