කොංගෝව රත් පැහැ ගන්වමින් දැවැන්ත මාරයා අවදිවෙයි – මහා විනාශයකට පෙර ජනතාව පලා යයි

කොංගෝවේ නයිරගොන්ගෝ ගිනි කන්ද ප්‍රබල ලෙස සක්‍රීය වී ඇතැයි වාර්තා වෙයි. මෙම සක්‍රීය විමත් සමඟ අවට පරිසරයේ සල්ෆර් සුවඳක් ඇතිව තිබෙන බවත් සඳහන්.

එරට වෙලාවෙන් රාත්‍රී 07ට පමණ මෙම ගිනි කන්ද එක්වර පුපුරා ගොස් ඇති අතර අන්තර්ජාලය පුරාවට සංසරණය වූ ඡායාරූපවලින් අවට පරිසරය රතු පැහැ ගන්වමින් දැවැන්ත ගිනි පුපුරු සහ ලාවා ගිනි කන්දෙන් පිටතට විසිවෙන ආකාරය දැකගත හැකිය.

කොංගෝවේ ගෝමා නරගයට ආසන්නයේ මෙම ගිනිකන්ද පිහිටා ඇති අතර එය රුවන්ඩා දේශ සීමාවට ආසන්නයේ නගරයකි. හයලක්ෂ හැත්තෑදහසක පමණ ජනතාවක් මෙම නගරයේ සිටින අතර ඔවුන් සියලු ජීවිත ආරක්ෂාව සඳහා රුවන්ඩාව වෙත පලා යමින් සිටින බවත් සඳහන්.

රුවන්ඩා මාධ්‍ය සඳහන් කරන පරිදි මේ වන විට තුන්දහසකට අධික පිරිසක් දේශසීමාව පසුකර රුවන්ඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි. මෙම පලා එන පිරිස් හට දේවස්ථානය, පාසල් ඇතුළු ප්‍රජා ස්ථානය රැඳී සිටීමට ලබාදී ඇති බවටද රුවන්ඩාවේ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

එම ගිනි කන්ද සක්‍රීය වීමේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16