කොංගෝව රත් පැහැ ගන්වමින් දැවැන්ත මාරයා අවදිවෙයි – මහා විනාශයකට පෙර ජනතාව පලා යයි

කොංගෝවේ නයිරගොන්ගෝ ගිනි කන්ද ප්‍රබල ලෙස සක්‍රීය වී ඇතැයි වාර්තා වෙයි. මෙම සක්‍රීය විමත් සමඟ අවට පරිසරයේ සල්ෆර් සුවඳක් ඇතිව තිබෙන බවත් සඳහන්.

එරට වෙලාවෙන් රාත්‍රී 07ට පමණ මෙම ගිනි කන්ද එක්වර පුපුරා ගොස් ඇති අතර අන්තර්ජාලය පුරාවට සංසරණය වූ ඡායාරූපවලින් අවට පරිසරය රතු පැහැ ගන්වමින් දැවැන්ත ගිනි පුපුරු සහ ලාවා ගිනි කන්දෙන් පිටතට විසිවෙන ආකාරය දැකගත හැකිය.

කොංගෝවේ ගෝමා නරගයට ආසන්නයේ මෙම ගිනිකන්ද පිහිටා ඇති අතර එය රුවන්ඩා දේශ සීමාවට ආසන්නයේ නගරයකි. හයලක්ෂ හැත්තෑදහසක පමණ ජනතාවක් මෙම නගරයේ සිටින අතර ඔවුන් සියලු ජීවිත ආරක්ෂාව සඳහා රුවන්ඩාව වෙත පලා යමින් සිටින බවත් සඳහන්.

රුවන්ඩා මාධ්‍ය සඳහන් කරන පරිදි මේ වන විට තුන්දහසකට අධික පිරිසක් දේශසීමාව පසුකර රුවන්ඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි. මෙම පලා එන පිරිස් හට දේවස්ථානය, පාසල් ඇතුළු ප්‍රජා ස්ථානය රැඳී සිටීමට ලබාදී ඇති බවටද රුවන්ඩාවේ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

එම ගිනි කන්ද සක්‍රීය වීමේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?