හැටන් නගරයේ වෙළදසැලක ගින්නක්

හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළඳසැලක අද (18) දින පස්වරු 1:00ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

වෙළෙඳසැල වසා තිබූ විට දී එම ගින්න හටගෙන වේගයෙන් පැතිර ගොස් ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පැතිර ගිය ගින්න පාලනය කිරිමට හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටයුතු කළා.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී ද නැහැ.

ගින්න හට ගත් හැටන් පැති වීදියේ වාහන ධාවන කටයුතු තාවකාලික ව නතර කිරීමට ද පොලිසිය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?