එස්.එම් චන්ද්‍රසේන තවදුරටත් හිරේට

2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි දිළිඳු ගොවීන්ට අඩු මිලට ලබාදීම සඳහා ආනයන කළ රුපියල් මිලියන 25කට වඩා වටිනාකමක් සහිත බීජ ඉරිඟු 2015 ජනාධිපතිවරණයට අයුතු සහගත වාසියක් ලබා ගැනීමේ අරමුණින් සිය හිතවතුන්ට ලබාදීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාර හිටපු අමාත්‍යවරයාව අගෝස්තු 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ රජයේ නිලධාරීන්ගෙන් ලබාගෙන ඉදිරි සති දෙක තුළ අවසන් කර වාර්තා කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවට නියෝග කරනු ලැබුවා.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා සැකකරු වෙනුවෙන් ඕනෑම ඇප කොන්දේසියක් මත නිදහස් කරන ලෙසයි ඉල්ලා සිටියේ.

නමුත් අධිකරණ විනිසුරුවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?