තවත් සද්දන්තයෙකු පැපොල් වගාවක දී මිය ගිහිං

පැපොල් වගාවක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (17) දින මෙම වන අලියාගේ සිරුර සොයාගෙන ඇත්තේ බුත්තල – මහගොඩයාය ප්‍රදේශයේ තිබියදී බවයි.

වයස අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන අලියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

නමුත් මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?