මහ වැසි මැද 24 පැයක් තුළ පාකිස්තානයේ එක් පළාතක මරණ 63ක්

පාකිස්තානයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් එක් දිනක් තුළ පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් මරණ සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, පසුගිය මාසය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වී, නිවාස හා දේපොළ හානි දැඩි ව සිදු ව ඇති බවයි.

පාකිස්තානයේ පන්ජාබ් පළාතට අයහපත් කාලගුණික තත්ත්වය පසුගිය පැය 24 තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද වාර්තා වනවා.

මෙම අයහපත් කාලගුණයෙන් තවත් පුද්ගලයින් 300ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නැගෙනහිර පළාත් අගනුවර වන ලාහෝර්හි මරණ 15ක්, ෆයිසලාබාද්හි මරණ 09ක් සහ ඔකාරා, සහිවාල් සහ පක්පට්ටන් යන ගොවි බිම් කේන්ද්‍ර වූ නගරවල තවත් මරණ කිහිපයක් වාර්තා වුණා.

දකුණු දෙසින් පිහිටි ගංගා ඉවුරු දිගේ ගම්මානවලින් පවුල් ඉවත් කිරීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු භාවිතා කළ නමුත් දහවල් වන විට ජලය බැස යාමට පටන් ගෙන තිබූ බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51