කලපුවෙන් මතු වුණු පිරිමි පුද්ගල මළසිරුර

මුලතිව්, කලපුව සීමාවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (17) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත 55 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් මෙලෙස දියේ ගිලී තිබියදී සොයා ගැනුණු බවයි.

මියගිය පුද්ගලයා මුලතිව් – සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?