වසර 08ක් තිස්සේ කූඨ ලෙස සැකසූ ව්‍යාජ අංක තහඩුවක් සහිත රථයක් පැදපු අයෙක් හිරේට

නීතිවිරෝධී ආකාරයට කොටස් එකලස් කර සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු සහිත මිට්ෂුබිෂී වර්ගයේ පෙජරෝ රථයක් වසර අටක් තිස්සේ භාවිතා කළ බව කියන සැකකාර පුද්ගලයෙකු හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (16) නියෝග කළා.

මුල්ලේරියාව නව නගරයේ පදිංචිකරුවකු වන ගුණසිරි පුෂ්පකුමාර නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි වාර්තා වන්නේ.

සැකකාර පුද්ගලයා ව්‍යාජ අංක තහඩු සහිත කොටස් එකලස් කර සකස් කරන ලද පෙජරෝ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරන බවට පොලිස් විශේෂ කාර්යා බලකායට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිසිය වෙත භාරදුන් බව පැමිණිල්ල මෙහෙයවූ වූ පොලිස් කොස්තාපල් 11848 අලුත්ගෙදර අධිකරණයට දැන්වූවා.

සිද්ධියට අදාළව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු එම මෝටර් රථය 2017 වර්ෂයේදී කිසියම් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලකට ලබාගෙන ඇති බවත් පසුව ඔහු එම මෝටර් රථය සඳහා ව්‍යාජ අංක තහඩු හා ආදායම් බලප්‍රත්‍රයක් සකස් කරගෙන භාවිතා කර ඇති බවට කරුණු අනාවරණය වන බව ද පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවේ පැවසුවා.

තම වාහනයේ බලපත්‍රය නැති වූ බව පවසමින් සැකකාර පුද්ගලයා 2018 වසරේදී කැලණිය පොලිස් ස්ථානය වෙත අසත්‍යය පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට දැන්වූවා.

එම වාහනය භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් අපරාධ කටයුත්තක් සිදු කර තිබේ ද යන්න පිළබඳව හා ඔහු රථ වාහන වැරදි සිදුකර තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

පැමිණිල්ල මෙහෙයවූ පොලිස් කොස්තාපල් අලුත්ගෙදර මාතා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

  1. ලියාපදිංචි කිරීමේදී අයිතිය හහ අනන්‍යතාවය තහවුරු කලේ කෙසේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30