සූර්යය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් කලාපය තුළ නිර්මාණයට ශ්‍රී ලංකාවේ සහාය

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය පවසනවා.

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය අද (16) දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

“විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බල ශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ සම සභාපතිත්වය ශ්‍රී ලංකාව දරන අතර කලාපීය සූර්ය බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය තුළින් බලශක්ති සුරක්ෂිතභාවය අත්කර ගැනීමටත් ශ්‍රී ලංකාව කැප වී සිටින බවයි වැඩිදුරටත් අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව සහ ISA කලාපීය කමිටුව අතර දේශීය හවුල්කාරිත්වය සනිටුහන් කරමින්, නිල මාර්ග සිතියම් රාමුවට අත්සන් තැබුණු අතර, එය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදු වුණා.

මෙම අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා,

”සූර්ය බලශක්තිය භාවිතය පුළුල් කිරීමේ රජයේ “සූර්ය බලශක්තිය සඳහා සටන”යන වැඩසටහන සහ 2030 වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් පැවසුවා.

මෙම සමුළුව නව කලාපීය හවුල්කාරිත්වයන් ගොඩනැගීම සඳහා වන අවස්ථාවක් වූ අතර, මොරටුව විශ්වවිද්‍යාලය සූර්ය බලශක්ති නවෝත්පාදන සඳහා ප්‍රධාන දැනුම් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස හඳුනා ගැනීම ද සිදු කෙරුණා.

සූර්ය බල තාක්‍ෂණය හරහා කලාපීය දියුණුව සහ විවිධ සමාජ-ආර්ථික කටයුතු සඳහා සූර්ය බලය භාවිත කිරීමට ප්‍රායෝගික විසඳුම් ඇතුළත් විශේෂ සූර්ය බල නවෝත්පාදන ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරිය එක්වූවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ISA අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආසියා – පැසිෆික් කලාපයේ නියෝජිතයින් ද, රටයල් 124ක සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21