ඩීසල්වලට භූමිතෙල් කලවම් කර ටිපර් පැදපු රියදුරුට වැඩ වරදියි

ඩීසල්වලට භූමිතෙල් කලවම් කර, ටිපර් රථයක් ධාවනය කළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමට අද (16) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම රියදුරුට එරෙහිව ලිදුල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත නන්දසිරි මහතා විසින් නෛතික ක්‍රියාමාර්ග ගත් බවයි.

වලපනේ සිට හැටන් දක්වා වැලි ප්‍රවාහනය කරන ඇතැම් ටිපර් රථවල ඩීසල්වලට භූමිතෙල් කලවම් කර ධාවනය කරන බවට ලද තොරතුරක් මත ටිපර් රථය නතර කර රථයේ ඉන්ධන ටැංකි තෙල් සාම්පල ගෙන පරික්ෂා කිරීමේ දී මෙය අනාවරණය වී තිබෙනවා.

ටිපර් රථයෙන් ලබා ගත් ඉන්ධන සාම්පල් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයකට යොමු කර එහි වාර්තාවක් ලබා ගෙන එම වාර්තාව සමග වැඩිදුර නෛතික පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ලිදුල පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23