ඩීසල්වලට භූමිතෙල් කලවම් කර, ටිපර් රථයක් ධාවනය කළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමට අද (16) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම රියදුරුට එරෙහිව ලිදුල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත නන්දසිරි මහතා විසින් නෛතික ක්‍රියාමාර්ග ගත් බවයි.
වලපනේ සිට හැටන් දක්වා වැලි ප්‍රවාහනය කරන ඇතැම් ටිපර් රථවල ඩීසල්වලට භූමිතෙල් කලවම් කර ධාවනය කරන බවට ලද තොරතුරක් මත ටිපර් රථය නතර කර රථයේ ඉන්ධන ටැංකි තෙල් සාම්පල ගෙන පරික්ෂා කිරීමේ දී මෙය අනාවරණය වී තිබෙනවා.
ටිපර් රථයෙන් ලබා ගත් ඉන්ධන සාම්පල් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයකට යොමු කර එහි වාර්තාවක් ලබා ගෙන එම වාර්තාව සමග වැඩිදුර නෛතික පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ලිදුල පොලිසිය පැවසුවා.





