හෙරොයින් ඩිෆානා විශේෂ මෙහෙයුමකින් පොලිස් අත්අඩංගුවට

මහියංගණය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටි බව කියන ‘ඩිෆානා නමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) පෙරවරුවේ මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණය – පදියතලාව මාර්ගයේ දීයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5700ක් ද සොයා ගැනුණා.

32 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලද රුපියල් 41000ක මුදලක් ද පොලිස් භාරයට ගත්තා.

මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයා හට ලද පෞද්ගලික තොරතුරක් මත මෙම සැකකරුව අත්අඩංගුවට ගැනුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?