කහවත්තේ තරුණයෙකු දණ ගස්වා මැරූ සිද්ධියට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතනයට ආධාර අනුබල දුන්නා යැයි සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු බවයි වාර්තා වන්නේ.

තරුණයාව ඝාතනය සඳහා යොදා ගත් ජීප් රථය ද සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.

ජුනි මස 30 වැනි දින රාත්‍රියේ දී කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් සමග කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබූ අතර එක් අයෙකු ජීප් රිය පැමිණෙන විට පලාගොස් තිබෙනවා.

එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගේ අත්වලට මාංචු දමා පොලිසිය යැයි පවසමින් රැගෙන ගොස් ඇති අතර එක් අයෙකුට දණගැසීමටයි නියෝග කර ඇත්තේ.

සහෝදරයින් දෙදෙනාට ම වෙඩි තබා ඇති බවත් ඉන් එක් තරුණයෙකු මියගොස් අනෙක් තැනැත්තා තුවාල ලබා රෝහල්ගත කිරීමටත් පියවර ගැනුණා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් ‘හෝමාගම හඳයා’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයින් බවයි හෙළි ව ඇත්තේ.

එකී අපරාධය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් හේතුවෙන් බව ද පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක් වූයේ කහවත්ත – පලන්සූරියගම පදිංචිව සිටි දේශාන් ඉරන්ත නමැති 22 හැවිරිදි තරුණයෙක්.

අදාළ සැකකරුවන් සමග එදින එම තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය, මෝටර් රථයක්, යතුරුපැදි 3ක්, ලියාපදිංචි අංක තහඩු 2ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය මීගොඩ පොලිස් වසමේ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හෝමාගම, හා පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27ත් 29ත් අතර වයස්වල පසුවන කිසිඳු රැකියාවක් නොකරන පුද්ගලයින් බවත් හෙළි ව තිබෙනවා.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26