අද මරන්න හිටිය ඉන්දීය හෙදියගේ මරණ දඬුවම හදිසියේ ම යේමනය කල් දමයි

යේමන අධිකරණය විසින් අද (16) දිනයේ දී මරණ දඬුවමට නියම කර සිටි ඉන්දීය හෙදියක් වන නිමෂා ප්‍රියාගේ මරණ දඬුවම කල් තබා තිබෙනවා.

හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ යේමනයේ එම තීන්දුව ඇසූ සැණින් මරණ දඬුවමට ලක් ව සිටින නිමෂාගේ කේරළයේ – පලක්කඩ් දිස්ත්‍රික්කයේ කොල්ලෙන්ගෝඩ් හි පදිංචි ඥාතීන් සැනසුම් සුසුම් හෙළා ඇති බවයි.

කෙසේවෙතත් ජූලි 14 වැනි දින ඉන්දීය රජය මරණ දඬුවමට ලක් ව සිටින සිය පුරවැසියා මුදා ගැනීම අසාර්ථක වූ බවත් නිවේදනය කළා.

නමුත් යේමනය හා ඉන්දීය බලධාරීන් මෙන් ම ඉන්දියාවේ ග්‍රෑන්ඩ් මුෆ්ටිගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිමෂාගේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම කල් දමා තිබෙනවා.

කේරළයේ පලක්කාඩ් දිස්ත්‍රික්කයේ කොල්ලෙන්ගෝඩ්හි පදිංචි නිමෂා ප්‍රියාට, 2017 දී යේමන ජාතික තලාල් අබ්දෝ මහ්දි ඝාතනය කිරීමේ චෝදනාව මත 2020 දී මරණ දඬුවම නියම වුණා.

පැය 24කට පෙර වන තෙක් ඇයගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ආසන්න බව පෙනෙන්නට තිබුණ ද අද වන විට එය කල් දමා තිබෙනවා.

යේමනයේ රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් උපුටා දක්වමින්, නිමෂා බේරා ගැනීමට “වැඩි දෙයක්” නොමැති බව සඳුදා ඉන්දීය රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මෙවන් පසුබිමක දී වුවත් මේ වනවිට තත්ත්වය වෙනස් ව තිබෙනවා.

නිමෂා රඳවා සිටියේ ඉන්දියාව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බෙදා නොගන්නා හවුතිවරුන් විසින් පාලනය කරනු ලබන බන්ධනාගාරයක ය.

මෙම අභියෝග මධ්‍යයේ වුව ද, මරණ දඬුවම කල් දැමීමත් සමඟ මරණයේ හකුවලින් බේරුණු නිමෂාට බලාපොරොත්තුවේ දිලිසීමක් දක්නට ලැබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14