බංගලීන්ට එරෙහි අවසන් T20 තරගය අද – කමිඳු ද චන්දිමාල් ද?

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තුන්වැනි හා අවසන් T20 තරගය අද (16) රාත්‍රී 07ට ආරම්භ වනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දියි.

දෙරට අතර පැවති පෙර තරග දෙකම දෙපිළ ම තරග 1-1ක් ලෙස ජයගෙන තරගාවලියේ සම ජයග්‍රහණයක සිටිනවා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

මේ අතර අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් එක්වීමට නියමිත බවත් වාර්තා වනවා.

එමෙන්ම අද තරගයේ සියලු ම ප්‍රවේශ පත්‍ර මේ වනවිට විකිණී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?