මෙරට ඉතිහාසයේ දිවයිනට හොරෙන් ගේන්න හැදූ විශාලතම රන් තොගය අල්ලයි

ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය අද (15) දින කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළා.

රුපියල් කෝටි එකසිය දහයක් වටිනා කිලෝග්‍රෑම් 35කට අධික බරකින් යුතු මෙම රන් තොගය මෙරටට ගෙන ඒම සඳහා, විශේෂයෙන්ම සකස් කළ, මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයේ උපකරණ 09ක් තුළ සඟවා, ඒවා සිය ගමන් මල්ලේ ද සඟවා ගෙන මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු අද උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

රන් බිස්කට් 195ක් සහ කිලෝග්‍රෑම් 13ක් බර ස්වර්ණාභරණ තොගයක් මෙසේ අත්අඩංගුවට ගත් රත්තරන් තොගය අතර වුණා.

මෙම වැටලීමේ ඇති සුවිශේෂීත්වය නිසා ම රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු උසස් රේගු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරුව අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15