චීනය, අමෙරිකාව හා අනෙකුත් සහචර රටවල් සමග පවත්වන හමුදා අභ්‍යාස පිළිබඳ ව ඔත්තු බැලීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රෙලියානු රජය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනය දකුණු පැසිෆික් කලාපයේ හමුදා කඳවුරක් පිහිටුවීමට අවශ්‍ය බවට චෝදනාවක් බීජිං විසින් “ව්‍යාජ ආඛ්‍යානයක්” ලෙස හෙළා දැකීම ගැන මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.
මෑතකදී යළිත් ශක්තිමත් කරන ලද වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා අගමැති ඇන්තනි ඇල්බනීස් චීනයේ දින හයක සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය නිකුත් කෙරුණා.
ජූලි 13 වන දින සිට ඔස්ට්‍රෙලියාව සහ පැපුවා නිව්ගිනියාව හරහා වාර්ෂික ටැලිස්මන් සේබර් අභ්‍යාසයට රටවල් 19කින් හමුදා නිලධාරීන් 35,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතයි.
“චීන හමුදාව 2017 සිට මෙම අභ්‍යාස නිරීක්ෂණය කර ඇති අතර මෙවර එය එසේ නොකළහොත් එය ඉතා අසාමාන්‍ය වනු ඇත,”ඔස්ට්‍රෙලියානු ආරක්ෂක කර්මාන්ත සහ පැසිෆික් දූපත් කටයුතු පිළිබඳ අමාත්‍ය පැට් කොන්රෝයි මහතා පැවසුවේ.















