සෙව්වන්දිගේ සහෝදරයාව මවගේ අවසන් කටයුතු සඳහා දැඩි ආරක්ෂාවක් මැද ගෙන එයි

ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට අධිකරණ සංකීර්ණයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් මේ වනවිට (15) අතුරුදන් ව සිටින සැකකාර ඉෂාර සෙව්වන්දිගේ සහෝදරයා ව අද පස්වරුවේ මවගේ අවමංගල්‍යයේ අවසන් කටයුතු සඳහා නිවස වෙත රැගෙන ආවා.

දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ සැකකාර තරුණයාව කටුවැල්ලේගම පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන ආ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සැකකරුට මාංචු දමා ගෙන ආ අතර, ඔහුට මවගේ අවසන් කටයුතු සඳහා පාංසුකූල අවස්ථාවට ද එක්වීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩකඩ ලබා දුන්නා.

ඉන් අනතුරුව යළිත් විශේෂ කාර්‍යය බලකාය, පොලිස් නිලධාරීන්ගේ හා බන්ධනාගාරයේ මැදිහත් වීම මත බන්ධනාගාර බස් රථයෙන් සැකකාර තරුණයාව රක්ෂිත බන්ධනාගාරයට ගෙන ගියා.

පසුගිය 11 වැනිදා ඉෂාර සෙව්වන්දි අතුරුදන් වීම හා ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිරගත කර සිටි ඉෂාර සෙව්වන්දිගේ මව වන එස්. ඩී සමන්ති නමැත්තිය හෘදයාබාධයක් හේතුවෙන් සිර මැදිරියේ දී ම ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46