දින 11ක් තිස්සේ ජීවිතය යැදි භාතිය හස්තියා ජීවිතක්ෂයට (වීඩියෝ)

දින ගණනාවක සිට වෙඩි වැදීමෙන් අසාධ්‍යය තත්ත්වයේ පසු වූ භාතිය හස්තියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මහව – පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටියදීයි මෙම සත්ත්වයාව සොයා ගැනුනේ.

පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලේ අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී භාතිය හස්තියා අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන භාතිය හස්තියා ඊයේ දිනයේ දී ඒ වනවිට සිටි ඉරියව්ව වෙනස් කිරීමට සත්ත්වයාට ප්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළා.

ඒ, එම සත්වයාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන්.

මහව, පොලිපිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටි භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීම අරඹා දින 11කට පසුවයි එම සත්ත්වයා මියගොස් ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ දී පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.

නමුත් අද පෙරවරුවේ එම හස්තියා මියගොස් ඇති බවයි වාර්තා වූයේ.

හස්තියාට වෙඩි වැදීමෙන් සත්ත්වයාගේ පාදයක සිලම්බු අඩිය ගැලවී යාම හේතුවෙන් ඒ සඳහා කැල්සියම් ද ලබාදීම සිදු කෙරුණා.

තවත් වෙඩි වැදීම් ඇතුළු විවිධ හේතූන් නිසා තුවාල ලැබූ අලි ඇතුන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර මියගිය භාතිය හැරුණුකොට, ‘යස,කණ්ඩලම අලියා ඇතුළුව එම තුවාල ලැබූ අලි ඇතුන් සංඛ්‍යාව 10කට ආසන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21