සියල්ල සූදානම් – තීරණාත්මක තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (23) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය එක්දින තරග 03 කින් සමන්විත යි.

 ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සැළකෙන බැවින් මෙය ජය ගැනීම ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට ද වැදගත් වනවා.

එබැවින් මෙය තීරනාත්මක තරගාවලියක් ලෙස හැඳින්විය හැකි යි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන් තරග 40ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 07ක් පමණයි.

ඊට අමතරව තරග 03ක් ජය පරාජයකින් තොරව නිමා වී තිබෙනවා.

කෙසේ වෙතත් මේවන විට බංග්ලාදේශය යනු ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් විය හැකි තරම් ප්‍රබල කණ්ඩායමක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය තුළ පෙන්වූ පසුබෑම් ද මෙම අභියෝගය තීව්ර කරවනවා.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් ලකුණු 2157ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ යි.

ඒ ලකුණු 1652ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් ලබා ගනිමින්.

කෙසේ නමුත් අවසන් වරට මෙම කණ්ඩායම් එක්දින තරගාවලියක දී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2019 වසරේ ජූලි මාසයේ දී වන අතර එම තරගාවලිය 3-0 ලෙස දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති ඩකා පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ජාත්‍යන්තර තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 03ක් පමණක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.

පෙර වාර්තා සළකා බැලූ විට කාසියේ වාසිය දිනාගත හොත් පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වාසි සහගත විය හැකි බව ක්‍රිකට් විචාරකයින් සඳහන් කරනවා.

එමෙන්ම පිතිකරුවන්ට වැඩි දස්කම් දැක්විය හැකි මෙම පිටියේ දඟපන්දු යවන්නන් හට ද බොහෝ හිතකර විය හැකි බව ද ඔවුන් අනුමාන කරනවා.

පළමු තරගය අද (23) දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගය සජිවිව ඔබට ගොසිප් ලංකා නිව්ස් අපගේ වෙබ් අඩවියෙන් නැරඹිය හැක.

https://www.youtube.com/watch?v=DIziVxn1Crw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16