භාතියට ප්‍රතිකාර අරඹා අදට දින 10යි – හස්තියා දැනට සිටි ඉරියව්ව වෙනස් කිරීමට පැය 02 මෙහෙයුමක්

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන භාතිය හස්තියා දැනට සිටින ඉරියව්ව වෙනස් කිරීමට සත්වයාට ප්‍රතිකාර ලබන පශු වෛද්‍යවරුන් අද (14) දිනයේ කටයුතු කළා.

ඒ, එම සත්වයාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන්.

මහව, පොලිපිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටින භාතිය හස්තියාට ප්‍රතිකාර අරඹා අදට දින 10ක් ගත වනවා.

ඒ, අනුව අද දිනයේ පශු වෛද්‍යවරුන් සහ සහායක කණ්ඩායම් විසින් දොඹකරයක් ආධාරයෙන් භාතිය හස්තියා මේ වනතෙක් රැඳී සිටි ඉරියව්ව වෙනස් කිරීමට කටයුතු කළේ මෙතෙක් සිදුකළ ප්‍රතිකාරවලට හස්තියා තරමක් යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්.

පැය දෙකක පමණ වෙහහෙසක් දරා හස්තියා සිටි ඉරියව්ව වෙනස් කිරීමට ඔවුන් කටයුතු කළ අතර, තවමත් යහපත් සෞඛ්‍ය මට්ටමක මෙම සත්වයා නොසිටියත් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රතිකාරවල දී සත්වයාගේ සෞඛ්‍ය මට්ටම තරමක් යහපත් වනු ඇති බවට බලාපොරොත්තුවන බවයි වෛද්‍ය කණ්ඩායම් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14