යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

එළඹෙන අගෝස්තු පළමු වනදා සිට යුරෝපා සංගමය සහ මෙක්සිකෝව එක්සත් ජනපදයට සිදුකරන අපනයන සඳහා 30%ක තීරු බද්දක් පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනු ලැබුවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අගෝස්තු පළමු වනදාට පෙර වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බව 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමය සඳහන් කරනවා.

මේ අතර අගෝස්තු 01 වනදා සිට ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ බ්‍රසීලය යන රටවලින් පැමිණෙන භාණ්ඩ සඳහා ද එක්සත් ජනපදය නව තීරුබදු පනවන බව ට්‍රම්ප් මෙම සතියේ ද පැවසුවා.

ඊට අමතරව එක්සත් ජනපදයේ කුඩා වෙළඳ හවුල්කරුවන් ගණනාවකට සමාන ලිපි යැවීමටත් ට්‍රම්ප් කටයුතු කරනු ලැබුවා.

යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් වෙත සිකුරාදා යවන ලද ලිපියේ ට්‍රම්ප් මෙසේ සඳහන් කර තිබෙනවා.

“යුරෝපීය සංගමය සමඟ අපගේ වෙළඳ සම්බන්ධතාවය සාකච්ඡා කිරීමට අපට වසර ගණනාවක් ගත වී ඇති අතර, ඔබේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළඳ බාධක මගින් ජනනය කරන ලද මෙම දිගු කාලීන සහ නොනැසී පවතින වෙළඳ හිඟයන්ගෙන් අප ඉවත් විය යුතු බව නිගමනය කර තිබෙනවා. අවාසනාවකට මෙන්, අපගේ සම්බන්ධතාවය අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ දුරස් වී ඇති බවයි හැඟී යන්නේ.”

යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට යැවූ ලිපිවලින් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, එක් වෙළඳ හවුල්කරුවෙකු හෝ එක්සත් ජනපදයට එරෙහිව තමන්ගේම ආනයන බදු පැනවීමෙන් පළිගන්නේ නම්, 30%ට වඩා ඉහළ ප්‍රතිශතයකින් තීරුබදු වැඩි කිරීමෙන් තමා පසුබට නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18