වියට්නාම තානාපතිනිය සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්

මෙරට වියට්නාම් සමාජවාදී ජනරජ තානාපතිනි ට්‍රින් ති ටම්, අද (11) දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ දී හමුවුණා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලයට පැමිණි තානාපතිවරිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව පැවති සුහඳ හමුව අතරතුරදී විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම වැදගත් වන අදහස් හුවමාරුවක නිරත වුණා.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළා.

විශේෂයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උපායමාර්ගික වැදගත්කමක් සහිත ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඔහු ශුභවාදී අදහස් පළ කළ අතර, අනාගතයේ දී ද වියට්නාම රජයේ අඛණ්ඩ සහයෝගීතාවය අපේක්‍ෂා කරන බව ද, ප්‍රකාශ කළා.

පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකා ජනාධිපති වියට්නාමයේ සිදුකළ සාර්ථක නිල සංචාරය පිලිබඳ මෙන්ම, එහිදී ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වශයෙන් වැදගත් වන ගිවිසුම් කිහිපයකට ඵලදායී ලෙස සම්බන්ධ වීම සම්බන්ධයෙන් වියට්නාම තානාපතිනිය සිය හෘදයාංගම කෘතඥතාව පළකර සිටියා.

එමෙන්ම, මෙම සංචාරය ඔස්සේ දෙරට අතර පවතින නොබිඳෙන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබිඹු කෙරෙන බව ද, ඇය ප්‍රකාශ කළා.

තවද, ආරක්‍ෂක සහයෝගීතාව, ධාරිතා වර්ධනය, පුහුණු අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ කැපවීම තානාපතිනිය විසින් යළිත් තහවුරු කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03