වියට්නාම තානාපතිනිය සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්

මෙරට වියට්නාම් සමාජවාදී ජනරජ තානාපතිනි ට්‍රින් ති ටම්, අද (11) දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ දී හමුවුණා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලයට පැමිණි තානාපතිවරිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව පැවති සුහඳ හමුව අතරතුරදී විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම වැදගත් වන අදහස් හුවමාරුවක නිරත වුණා.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළා.

විශේෂයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උපායමාර්ගික වැදගත්කමක් සහිත ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඔහු ශුභවාදී අදහස් පළ කළ අතර, අනාගතයේ දී ද වියට්නාම රජයේ අඛණ්ඩ සහයෝගීතාවය අපේක්‍ෂා කරන බව ද, ප්‍රකාශ කළා.

පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකා ජනාධිපති වියට්නාමයේ සිදුකළ සාර්ථක නිල සංචාරය පිලිබඳ මෙන්ම, එහිදී ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වශයෙන් වැදගත් වන ගිවිසුම් කිහිපයකට ඵලදායී ලෙස සම්බන්ධ වීම සම්බන්ධයෙන් වියට්නාම තානාපතිනිය සිය හෘදයාංගම කෘතඥතාව පළකර සිටියා.

එමෙන්ම, මෙම සංචාරය ඔස්සේ දෙරට අතර පවතින නොබිඳෙන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබිඹු කෙරෙන බව ද, ඇය ප්‍රකාශ කළා.

තවද, ආරක්‍ෂක සහයෝගීතාව, ධාරිතා වර්ධනය, පුහුණු අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ කැපවීම තානාපතිනිය විසින් යළිත් තහවුරු කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?