සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අනිද්දා (13) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.
ඒ, අනුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව අද (11) පස්වරු 03.30ට පමණ වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා අදාළ කවුළු වෙත නොපැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.
මෙම තරගයේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට අද උදෑසන සිට විශාල පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටි ආකාරය දැකගත හැකි වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
8
+1
1
+1
3
+1
1
+1





