චීන පර්යේෂණ නෞකාවක් අල්ලා ගැනීමට වියට්නාමයේ මෙහෙයුම්

වියට්නාමය චීන පර්‍යේෂණ නෞකාවක් අල්ලා ගැනීමට ලුහුබැඳීමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

වියට්නාමය නැගෙනහිර වෙරළ තීරයේ සැරිසරමින් සිටින චීන පර්‍යේෂණ නෞකාවක් ඉලක්ක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන නෞකාව ජුනි මාසයේ දෙවන භාගයෙන් වැඩි කාලයක් වියට්නාමයේ සමුද්‍ර කලාපය තුළ ගත කළ බවත්, හැනෝයි පවසන පරිදි එය වියට්නාමයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කරනවා.

සෑම වසරකම ගෝලීය නැව්ගත කිරීමෙන් තුනෙන් එකක් පමණ ගමන් කරන දකුණු චීන මුහුදේ හිමිකම් ඇති කලාපයේ රටවල් කිහිපයකින් එකක් වන වියට්නාමය තුළ යි.

බොහෝ උපායමාර්ගික ජල මාර්ග හරහා විහිදෙන බීජිංහි ස්වෛරීභාවය පිළිබඳ හිමිකම් පෑම, වියට්නාමය සහ කලාපයේ අනෙකුත් රටවල් සමඟ නිරන්තර ආතතියට හේතු වී ඇති අතර, චීනයේ අසල්වැසියන්ගේ සමුද්‍ර කලාපවල චීන වෙරළාරක්ෂක, පැරාමිලිටරි සහ පර්යේෂණ ක්‍රියාකාරකම් ද ක්‍රියාත්මක වෙමින් තිබීම වියට්නාමයේ ආතතීන් උත්සන්න කිරීමට හේතුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?