පවුලක් ගිය යතුරුපැදිය කැබ් රථයක ගැටී අවුරුදු හතරේ දරුවා ජීවිතක්ෂයට

මන්නාරම – නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් ගමන්ගත් එකම පවුලේ පියා, මව, අවුරුදු 04 පිරිමි දරුවෙක් සහ අවුරුදු 12ක් වයසැති දියණියක මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදිය කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් පසුව බරපතළ තත්ත්වයේ සිටි මව්පිය යුවළ සහ දරු දෙදෙනා මන්නාරම් රෝහලට ඇතුළත්කර ඇති අතර, එහිදී වයස අවුරුදු 04ක පිරිමි දරුවා මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි මුරුන්ගන් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53