UPDATE: සා/පෙළ සමත් වී උසස් පෙළ වරම් ලැබූවන් 237000 ඉක්මවයි – 2025 සා/පෙළ 2026 මුල දී

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ සඳහා 237,026ක සිසුන් ප්‍රමාණයක් සුදුසුකම් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

අද (11) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරුණු ප්‍රතිඵල බාගත කරගත හැකි බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලු ම විෂය‍යන් අසමත් සිසුන් සියයට 2.4ක ප්‍රතිශත අගයක් ගෙන තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය සාධන පරීක්ෂණයක් බැවින් පළාත් මට්ටමින් පළමු, දෙවැනි හෝ තුන්වැනි ස්ථාන ඉදිරිපත් නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සියයට 4.15ක් A සාමාර්ථ විෂයයන් සඳහා ලබා ගැනීමට සමත් ව සිටිනවා.

එමෙන්ම විෂයයන් 09ට A සාමාර්ථ 09ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 13,392ක්.

කිසිදු දරුවෙකු දුක් නොවන ලෙසත්, අසමත් දරුවන් හට නැවත වරක් කැපවීමෙන් උත්සාහ කරන ලෙසත්, සමත් දරුවන් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට කැප විය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ, 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14