සිංගිමලේ ජලාශයට සිසුවෙකු වැටුණු නිසා ජලාශයෙන් ජලය ලබා ගැනීම නතර කර දමයි

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත් වීමත් සමග එම ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව ජූලි 08 වැනි දින සිට නතර කර ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ වැඩබලන නිලධාරි ලාල් විජේනායක මහතා පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම ජලාශයේ ජලය පානීය ජලය සඳහා ලබා ගැනීම සුදුසු ද යන්න පිළිබඳ ව සොයා බැලීමට සිංගිමලේ ජලාශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මේ බව පැවසූ බවයි.

එම ජලාශයට නිතර පාසල් ළමුන් ඇතුළු විවිධ පුද්ගලයන් දිවා කාලයේ දී පැමිණෙන නිසා ජලාශයට ඇතුල් වීම තහනම් කිරීමට සහ ආරක්ෂිත වැටක් ඉදි කිරීමට හෝ දිවා කාලයේ දී මුරකරුවෙකු යෙදවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය උපදෙස් දී තිබෙනවා.

දැනට එම ජලාශයේ ජල සාම්පලයක් ලබාගෙන ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාරය වෙත යොමු කර ඇති බවත්, එහි වාර්තාව ලැබීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ලාල් විජේනායක මහතා කියා සිටියේ.

දැනට හැටන් දික්ඔය ඉන්වේරි ජල මූලාශ්‍රයෙන් ජලය ලබා ගෙන පිරිපහදු කර පාරිභෝගිකයන්ට පිරිසිදු පානීය ජලය සීමා කර නිකුත් කරන බවත්, දැනට සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා නොගැනීම නිසා ජල පාරිභෝගිකයන්ට ගැටළුවක් මතු වී නොමැති බව ද වාර්තා වනවා.

සිංගිමලේ රක්ෂිතයේ ඡායාරූප ගැනීමට ගොස් ආපසු ජලාශ වේල්ල මතින් පාසල් සිසුන් 06 දෙනෙකු නිවස කරා එන අතරතුර ජලාශයෙන් පය සේදීමට උත්සාහ කළ හැටන් – කොටගල කේම්බ්‍රිජ් විදුහලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 18 හැවිරිදි රාම් මූර්ති තමිල් මාරන් නමැති සිසුවා ජලාශයට වැටී අතුරුදන්ව සිටියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (09) දින සිරුර ගොඩගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32