මගීන්ගේ ජීවිත බිල්ලට දමා රේස් පදින අම්බලන්ගොඩ බස් රියදුරෝ (වීඩියෝ)

මගීන්ගේ ජීවිතය අනතුරේ හෙළමින් ඇතැම් පොදු ප්‍රවාහනයේ බස් රථ කිසිදු සැලකිල්ලකින් තොරව රිය ධාවනය කරන අයුරු ඕනෑ තරම් වාර්තා වී තිබෙනවා.

එවන් පසුබිමක ඊට එරෙහිව පොලිස් රථ වාහන අංශ විසින් නීතිය ක්‍රියාත්මක කරනු ලැබුව ද, ඉන් පාඩම් ඉගෙන නොගෙන, තව තවත් ඇතැම් අවිඥානික රියදුරන් දිගින් දිගටම සිදු කරන්නේ ද මගීන්ගේ ජීවිත බිල්ලකට දෙමින් අපරික්ෂාකාරී ව මෙන් ම තරගකාරීව ද රිය ධාවනය කිරීමයි.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය තුළ රියදුරන් සිටිය ද විනයකින් හා මොළයකින් යුතුව රිය පදවන්නන් සිටින්නේ ද දුලබ වශයෙන් යැයි කිව යුත්තේ මෙවන් තත්ත්වයක් මත යැයි හැඟේ.

මෙම සිද්ධිය දසත ප්‍රවෘත්ති අංශයට වාර්තා වන්නේ, අම්බලන්ගොඩ – 6 කණුව – බටපොළ හරහා ධාවනය වන පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙනි.

බස් රථයට මුදලක් ගෙවා ගමන් කරනා මගීන්ගේ හෝ අඩුම තරමේ මහා මාර්ගයේ ගමන් කරන සෙසු වාහන, පදිකයින්ගේ හෝ ජීවිත ගැන තඹ දොයිතුවක හෝ මායිමක් නොකරමින් NB 5179 දරන බස් රථය අධික වේගයෙන් මහ මාර්ගයේ මැද ධාවනය වන්නේ එම මාර්ගය සිය බූදලයක් බවට ‍වස් රථ රියදුරා සිතූ නිසා විය හැකි යැයි කෙනෙකුට සිතෙයි.

බස් රථ කාලසටහනේ යම් ප්‍රමාද දෝෂයක් මත හෝ සිදු ව ඇති සිදුවීමක් හේතුවෙන් NB 5179 දරන බස් රථයට පසුපසින් පැමිණෙන අනෙක් බස් රථය හා කරට කර තරගයට ධාවනය කරන මෙම බසය එකවරම රථ වාහන සංඥා හෝ නොදල්වමින් මහ මාර්ගයේ මැද හරස් කරමින් නවතන අයුරු ද වීඩියෝ පටයේ දැක්වෙනවා.

ඉන් අනතුරුව බස් රථ දෙකෙහි රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වන අතර, අවිනීතවත් රිය ධාවනයක අවසාන ප්‍රතිඵලය වන්නේ ගැටුම් නිර්මාණය වීම හෝ මගී ජීවිත මර බිල්ලකට හසුවීම පමණි.

එබැවින් මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, පොදු ප්‍රවාහනයකට නුසුදුසු රිය ධාවනයක නිරත වෙමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙන NB 5179 දරන (අම්බලන්ගොඩ – 6 කණුව, බටපොළ) මාර්ගයේ ධාවනය වන මෙවන් බස් රථ සඳහා තවදුරටත් වාහන බලපත්‍ර හෝ රියදුරු බලපත්‍ර සක්‍රීය මට්ටමක පැවතීම සුදුසු දැයි ශ්‍රී ලංකා පොලිස් රථ වාහන දෙපාර්තමේන්තුව හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් දසත අප විමසන්නක්..

මෙවැනි රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වන තෙක් දසත ප්‍රවෘත්ති අප දැඩි අවධානයෙන්!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03