සංචාරයට ආ තරුණ පිරිසක් රැගත් වෑන් රියක් ප්‍රපාතයකට පෙරළී 08කට බරපතළයි (වීඩියෝ)

මාතර සිට නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සංචාරයක් සඳහා මෙම තරුණයින් පිරිස රැගත් වෑන් රථයක් පැමිණ ඇති බවත් එය අද (10) අලුයම 05ට පමණ අඩි 70ක් පමණ පහළට පෙරළී ගොස් ඇති බවත් වාර්තා වනවා.

මේ වනවිට තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදීය.

අනතුරින් තුවාල ලැබූ පිරිස ඩෙස්පෝඩ් ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26