ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කර නව පනතක් හඳුන්වාදීමට අනුමැතිය

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරන ලද මූලික කෙටුම්පත පරීක්ෂා කර සුදුසු සංශෝධන සහිතව මූලික කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටත් 2024-12-30 වන දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ කමිටුව විසින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කර සංශෝධිත කෙටුම්පතක් සකස් කර තිබෙන බවයි කැබිනට් මණ්ඩල තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ.

එකී සංශෝධිත මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?