කොමසාරිස් සාරංගිකාට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (07) කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවදායකයින් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවයි.

ඒ අනුව, ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයට ද සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.

සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි මන්ත්‍රී කණ්ඩායම විසින් එම සභාවේ අභිනව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීම ගන්නා උත්සාහය වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

තමන්ට සභාවේ බහුතරය හිමි බව ⁣කියා සිටින එම මන්ත්‍රීවරුන් ජුනි 17 වැනි දින පැවති මංගල රැස්වීමේ දී සභාවේ සභාපතිවරයා හා උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා කොමසාරිස්වරිය සතු බලය යොදා ගනිමින් රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ගත් තීරණය නිවැරදි නොවන බැවින් ඊට විරෝධය පළකරමින් මන්ත්‍රීවරුන් 24 දෙනකු සභා ගර්භයෙන් පිටව ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගණපූරණය නොමැති වීමෙන් එදින සභාපති හා උපසභාපති තෝරා පත්කර ගැනීමට නොහැකි වූ බවත් පෙත්සම්කරුවෝ කියා සිටිනවා.

ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළ බව
පෙන්වා දෙන පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු වගඋත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගන්නා උත්සාහය වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

  1. Rajya sewaka sewikaswan wisin warthamaanaye pawathina siyaluma neethi reethi saha chakra leka saha nithyanukuula liya kiyawili. Aadiya upayogi karagenama raajakaari katayuthu itu kala yuthu wanawa .kisiyam raajakaariyakadi yam prasna ho mathmedayakata thudu dena getalu ho ethiwannenam eewa sandaha adaala karuna sambandayen ihala niladaarinta yomu kota pehadili nirawul theerana likithawa labagatha uthu wenawa .ese labageneemata kaalaya haras wanne nam eya pilibanda aawarana anumethiyata yatathwa karunu salaka liyakiyseili idiripath kala yuthui .ese ema katayuththa kriyathmaka kireemedi in pasu ethiwena pala wipaka thamun wisinma baara gath yuthu wenawa …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26