KDU වෛද්‍ය උපාධිය ගැන ඉදිරිපත් වූ පෙත්සම සමථයකට පත් කළ හැකියි – දෙපාර්ශ්වයේ නීතිඥවරු

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයකට පත් කළ හැකි බව දෙපාර්ශ්වයේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාව තිබෙන බවයි.

අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන්ට ද ඇතුළත් වීමට අවසර ලබා දෙමින් වගඋත්තරකරුවන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගෙන් ලිඛිත උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතා ද එකඟතාව පළ කළා.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ ලිඛිතව උපදෙස් ලබාගෙන දැක්වීම සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

ෆාතිමා අබ්දුල් ෆලීල්, දුලන්ක ද සිල්වා ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 2025 සහ 2026 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කළා.

මේ අතර ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර දේශීය සිසුන් බඳවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බව පෙත්සම්කරුවෝ සඳහන් කළා.

ඉන් අනතුරුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෙබ් අඩවිය තුළින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බඳවා නොගන්නා බවට දැනුම්දීමක් සිදුකර තිබූ බවත් ඔවුහු චෝදනා කළා.

මේ තුළින් අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48