ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව හෙට (07) දිනයේ සිට ලබන 11 වනදා දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරෙනවා.

එහිදී ජූලි 07 වන දිනය මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වන දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 වන දින නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 වන දින දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ ජූලි 11 වන දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සතිය තුළ දී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේ දී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර මෙරට සෑම වසරකම සමස්ථ ජනහනයෙන් පුද්ගලයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඒ, අනුව සෑම විනාඩියකටම අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් හයත් අටත් අතර ගණනක් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන ආකාරයේ අනතුරක් සිදුවිය හැකි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවිතයේ දී සිදුවන අනතුරු සැළකූ විට සෑම ශ්‍රී ලාංකිකයෙකුම සෑම වසරකම අවම වශයෙන් එක් අනතුරකට හෝ ලක් විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17