AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවට ඇද හැලුණු ගිනි පුපුරු වර්ෂාව (VIDEO)

අකුණු සහිත වර්ෂා අවස්ථාවක රුසියාවේ සිදු වූ අපුරු සිදුවීමක් බොහෝ දෙනෙකුගේ අවධානයකට ලක්ව තිබුණි.

එක්වරම අකුණු පුපුරා යන හඬත් සමඟ අහස දෙසින් ගිනි පුපුරු ඇඳ හැලෙන ආකාරය මෙලෙස වීඩියෝවක් ලෙස සටහන්ව තිබුණි.

සාන්ත පීටර්ස්බර්ග් නුවර මෙම සිදුවීම වී ඇති අතර එරට මාධ්‍ය සඳහන් කර තිබුණේ ට්‍රොලි බස් රථවලට විදුලිය සපයන රැහැනක් වෙත අකුණු සැර වැදීම හේතුවෙන් ඇති වූ පිපිරීම නිසා මෙම ගිනි පුපුරු නිර්මාණය වෙන්නට ඇති බවයි.

වෙට්රනෝව් මාවත සහ සොල්දාටා කෝර්සුනා වීදිය අතර ඇති මංසන්ධියේ දී මෙම පිපිරීම ඇතිව තිබුණි.

මෙම සිදුවීම වෙනත් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකුද සිය කැමරාවේ සටහන් කරගෙන තිබුණු අතර එහිදී දැවැන්ත පිපිරීමක් ඇතිවෙන ආකාරය දැකගත හැකිය.

බොහෝ දෙනෙකු මෙම සිදුවීමේ පුදුමයටත් භීතියටත් පත්ව සිට ඇති අතර බොහෝ දෙනා කියා තිබුණේ මීට පෙර මෙවන් සිදුවීමක් දැක නොමැති බවයි.

එම ගිනි පුපුරු වර්ෂාවේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?