නැවත දැනුම්දෙන තුරු මීමුරේ එන්න එපා

හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසළින් එම මාර්ගය තාවකාලිකව වසාදමා තිබෙනවා.

ඒ, අනුව එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත පැවසුවේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ, අනුව විනෝද සංචාර සහ වෙනත් අවශ්‍යතා සඳහා මීමුරේ වෙත නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසයි ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
2
+1
7
+1
9
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?