වාර්ෂිකව සිදුකළ බස් ගාස්තු සංශෝධනය අනුව 0.55%කින් අඩු කළ බස් ගාස්තුව ක්‍රියාත්මක කිරීම අද (04) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න පැවසුවේ බස් ගාස්තු අඩු කිරීම තුළින් බස් කර්මාන්තයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බවයි.
අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම බස් ගාස්තු අඩු කිරීම ජනතාවට දන ආකාරයේ බස් ගාස්තු අඩුවීමක් නොවන බවත්, මෙලෙස බස් ගාස්තු අඩු කිරීම තුළින් ආණ්ඩුව පමණක් ස්වයංවින්දනයක් විඳින බවයි.
ආසියාවේ ඇති අඩුම බස් ගාස්තුව යටතේ මෙරට පෞද්ගලික බස් රථ ධාවනය කරන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
5
+1
+1
+1
+1





