දෙමහල් නිවසක කුලිය 60000ක් ගෙවා කරපු දැවැන්ත මත්ද්‍රව්‍ය ස්කාගාරය වටලයි

කටාන පොලිසියට ලද තොරතුරක් මත දෙමහල් නිවසක සූක්ෂ්ම ලෙසින් නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය වැටලීමට යන විටදීත් එම ස්ථානයේ මත්පැන් පෙරමින් සිටි බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වුවත් මෙම දෙමහල් ගොඩනැගිල්ල කුලී පදනම මත මාසෙට රුපියල් 60,000කට ලබාගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම නීතිවිරෝධී මත්පැන් මිනුවන්ගොඩ, අලුතපොළ, නිල්පනාගොඩ, කටුවැල්ලගම, හපුවලාන, මරදගහමුල යන ප්‍රදේශවලට බෙදා හැර ඇති බවත් වාර්තා වනවා.

නීතිවිරෝධී මත්පැන්වල වටිනාකම ලක්ෂ 04කට ආසන්නයි.

අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් බැරල් අටක් සහ ගෝඩා, දඟර, ගෑස් සිරින්ඩර් 03, වතුර මෝටරයක් සමග සැකකරු අද (04) දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීම් නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34